Tuesday, November 7, 2017

විශාල සංඛයා වල වර්ග මූලය පහසුවෙන් සොයාගන්නේ කොහොමද






1×1=1
2×2=4
3×3=9
4×4=16
5×5=25
6×6=36
7×7=49
8×8=64
9×9=81

1089යෙ වර්ග මූලය.
මුලින්ම මේකෙ අන්තිම ඉලක්කම් දෙක අමතක කරනවා..එතකොට 10යි.10ට ආසන්නතම අඩුම/සමාන  වර්ගමුලය හොයන්න ඕනෙ.
3×3=9.ඒකියන්නෙ අපේ උත්තරේ පලවෙනි ඉලක්කම 3.
දැන් දෙවනි ඉලක්කම හොයන්න ඕනෙ.1089යේ අන්තිම ඉලක්කම 9.නවය හැදෙන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා

01.3×3=9
02.7×7=49
ඔය ක්‍රම දෙකෙන්ම අන්තිම ඉලක්කම විදිහට හැදෙන්නෙ නවය.ඒ කියන්නෙ අපේ උත්තරේ අන්තිම ඉලක්කම 3/7.ඒකියන්නෙ  37 නැත්තන් 33.
දැන් ඔය දෙකෙන් හරි එක හොයා ගන්නෙ මෙහෙමයි.අපේ උත්තරේ පලවෙනි ඉලක්කම 3 කියලා අපි මුලින් හොයා ගත්තනෙ.ඕකට 1ක් එකතු කරනවා.ඊට පස්සෙ ඒ ඉලක්කමෙන්ම වැඩි කරනවා.
3×(3+1)=12
12 , දහයට වඩා ලොකුයිනෙ ඒහෙනම් උත්තරේ ලොකු ඉලක්කම නෙමේ පොඩි ඉලක්කම.ඒකියන්නෙ 7 නෙමේ 3 .
එතකොට 1089 යෙ වර්ගමූලය=33.
12 නැතුව දහයට අඩු උත්තරයක් ආවොත් උත්තරේ වෙන්නෙ ලොකු ඉලක්කම.ඒකියන්නෙ 7.
දැන් තව උදාහරණ කිහිපයක් බලමු.
3969
01. 39ට ආසන්නම පුර්ණ වර්ගමුලය = 6
02. 9 හැදෙන්න පුලුවන් ඉලක්කම් දෙක= 3 , 7
උත්තරේ 63 නැත්තන් 67
03.(6+1)× 6 = 42
42>39
ඒකියන්නෙ පොඩි ඉලක්කම .
උත්තරේ 63.
13689
01. 136 ට ආසන්නම වර්ගය = 11
02. 9 හැදෙන්න ක්‍රම දෙකයි. 3/7
උත්තරේ 113 / 117
03. (11+1) × 11 = 132
132< 136
උත්තරේ ලොකු ඉලක්කම = 117

No comments:

Post a Comment

අපේ උරුමය සොයා ගිය ගමනක්

මිහින්තලේ කළුදිය පොකුණ. වීඩියෝව නැරඹීමට මෙතැනින් පිවිසෙන්න.